Sunday, October 25, 2026
HomeNEWSසමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14000ට ළං වෙයි

සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14000ට ළං වෙයි

අද (09) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වු කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් ගණන 10,451ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් සහ ඉතිරි පුද්ගලයින් 8,403 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 412ක් හා එම කම්හලේ සේවකයින්ගේ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 4,449 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අද උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයෙක් මෙරටට පැමිණ ඇති අතර ඔහු නිරෝධායනය සඳහා යොමුකර ඇත.

අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 63,921ක් නිවෙස් බලා පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 2,409 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 27ක නිරෝධායනය වෙමින් සිටී.

මේ අතර ඊයේ (08) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 410,632ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 602,850කි.

ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 510ක් හඳුනාගත් අතර, මෙරට සිදුවු 35 වන කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණය ද ඊයේ වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 13,929ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව ද 8,285ක් දක්වා වැඩි වී තිබේ.

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 5,609 දෙනෙක් මේ වන විට දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

හූති බැලස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් විනාශ කළ බව සෞදි අරාබිය පවසයි

රියාද් දෙසට පැමිණෙමින් තිබූ හූති බැලස්ටික් මිසයිලයක් සහ නිරිතදිග ඛාමිස් මුෂයිට් නගරයට එල්ල වූ කෲස් මිසයිලයක්, සිය ගුවන් පද්ධති මගින් විනාශ කළ බව, සෞදි...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ශ්‍රී ලංකාවටත් බලපෑම්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය මෑත කාලීනව කලාපයට බලපාන චණ්ඩ සුළි කුණාටුවක්ව (අර්නාබ්) බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් (10/28) ගමන් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.එහි...

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img