සයුර මැදදී පිරිමි දරුවෙකුට වධ හිංසා කිරීම – ධීවර යාත්‍රා හිමිකරු ඇතුළු පස්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
මහ සයුර මැදදී 16 හැවිරිදි පිරිමි දරුවෙකු අමානුෂික වධ හිංසනයන්ට ලක් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාර බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු සහ සෙසු වැඩිහිටි ධීවරයින් සිව්දෙනා එළැඹෙන අගෝස්තු 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද දෙරණ ඊයේ (15) දහවල් ප්රවෘත්ති ප්‍රකාශයෙන් මෙම දරුවා මුහුණදුන් අමානුෂික වදහිංසාව අනාවරණය කිරීමත් සමග පොලීසියේ අවධානය ඒ වෙත යොමුවිය.
රෝහල්ගතව සිටින දරුවාගේ සුවදුක් විමසීම සඳහා අද (16) මාතර රෝහල වෙත ගිය ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අදාළ ධීවර යාත්‍රාවේ බලපත්‍රය අහෝසි කිරීමටද තීරණය කළේය.






















