Monday, October 26, 2026
HomeNEWSLatest News‘සසුනට අරුණ’ ගැන දැනුවත් කරන්න  විපක්ෂ නායක සජිත් අභයාරාමයට යයි.

‘සසුනට අරුණ’ ගැන දැනුවත් කරන්න  විපක්ෂ නායක සජිත් අභයාරාමයට යයි.

‘සසුනට අරුණ’ ගැන දැනුවත් කරන්න  විපක්ෂ නායක සජිත් අභයාරාමයට යයි.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්වහන්සේ  බැහැ දැකීමට අද (24) එම විහාරස්ථානයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවේය.

ආගමික පුණර්ජීවනය උදෙසා සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ආරම්භ කරන ලද “සසුනට අරුණ” ව්‍යාපෘතිය පිළිබඳව නාහිමිපාණන්වහන්සේව  දැනුවත් කිරීමට ද ඒ මහතා කටයුතු කළ අතර එම වැඩසටහන හරහා සිදුවූ මෙහෙවර පිළිබඳව සිය ප්‍රසාදය නාහිමිපාණන්වහන්සේ විසින් පලකරනු ලැබීය. මේ අතර, රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන නාහිමිපාණන්වහන්සේ  මෙහිදී විපක්ෂ නායකයාට අනුශාසනා කළ අතර රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා නාහිමිපාණන්වහන්සේව දැනුවත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img