Sunday, November 1, 2026
HomeNEWSසිසුවාගේ කන කැපූ පාසල් චණ්ඩි

සිසුවාගේ කන කැපූ පාසල් චණ්ඩි

වඳුරඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහර දී කඩදාසි කපන පිහියකින් එම සිසුවාගේ කන කපා බරපතළ තුවාල සිදුකළ පාසල් සිසුන් 5ක් නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පාසල් කිහිපයක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙකි.

නාගොඩ, බෝවිටියමුල්ල හන්දියේ දී ඊයේ (03) දහවල් තුවාල ලැබු සිසුවාට තවත් පිරිසක් පහර දී තිබුණේ සවස 1.50ට පමණය.

පුද්ගලික ආරවුලක් මත අදාළ පහරදීම සිදුව ඇති අතර, පහරදුන් පිරිස අතැති කඩදාසි කපනයකින් සිසුවාගේ කනට පහළින් කපා තිබුණි.

පහරකෑමට ලක්වු සිසුවා ඉන් මිදීම සඳහා අසල ඇති කැලයකට රිංගා දිවි බේරාගෙන ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වෙතත් පසුව එම සිදුවීමට අදාළ සිසුන් පිරිස ගම්වාසීන් එක්ව අල්ලාගෙන ඔවුන්ට පහරදී පොලීසියට භාරදී තිබුණි.

පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට ගාල්ල, කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img