*සීට් බෙල්ට් පැළඳීමත් දේශපාලනය කරගන්නෙපා pls…**අපි හදනනේ මගී ජීවිත ආරක්ෂා කරගනන්යි …ඒක ආදරයෙන් කරන්නේ…. අවබෝධයෙන් කරන්නේ..සීට් බෙල්ට් පැළඳීම මගින් ජීවිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙ අද සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. සීට් බෙල්ට් නීතිය සම්බන්ධයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී අද උදෑසන මගීන් සමඟ අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත් අතර එහි දී ඔවුන් ඉතා කැමැත්තෙන් එයට ප්‍රතිචාර දැක්වී ය. මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ජීවිත ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව සහ ඒ සඳහා වූ වැඩපිළිවෙළ ට උදවු කරනු වෙනුවට එයත් දේශපාලනය කරගෙන ලැජ්ජා සහගත ලෙස කටයුතු කරන පිරිසකුත් සිටින බව අමාත්‍යවරයා මාධ්‍ය වේදීන් හමුවේ කීවේ ය. මාධ්‍ය අංශය,ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
























