Sunday, October 25, 2026
HomeNEWSකහවත්තේදී මාංචු දමා වෙඩිතබා ඝාතනය කර ඇත්තේ මත්කුඩුවලට එරෙහිව පොලිසියට තොරතුරු දුන්...

කහවත්තේදී මාංචු දමා වෙඩිතබා ඝාතනය කර ඇත්තේ මත්කුඩුවලට එරෙහිව පොලිසියට තොරතුරු දුන් තරුණයෙක්.

පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමක් කහවත්ත ඇන්දාන ප්‍රදේශයෙන් වාර්තා විය.පැහැර ගැනුණු අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රොහල්ගත කෙරුණි.පොලීසිය පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම මත ඝාතනය සිදුකර ඇති බවය.කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රීයේ සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත.එම අවස්ථාවේදී එහි කඩාවැදුණු පුද්ගලයෙකු පවසා ඇත්තේ, “දුවන්න එපා. අපි රත්නපුර පොලීසියෙන්. ඔහොම ඉඳපල්ලා” යනුවෙනි.එහිදී සහෝදරයන් දෙදෙනා අතරින් අයෙක් එම ස්ථානයෙන් පලාගොස් අසල වූ තේවත්තක සැඟවී තිබුණි.පසුව තවත් අයෙකු ද එම ස්ථානයට පැමිණ තරුණයන් දෙදෙනාට මාංචුවක් දමා ඔවුන් ජීප් රථයක නංවාගෙන පලාගොස් තිබේ.පොලීසිය පැවසූවේ ඔවුන් දෙදෙනා කහවත්ත ඇන්දාන, කොස්කෑල්ල නම් ප්‍රදේශයේ පාළු ස්ථානයක් වෙත රැගෙන ගොස් ජීප් රථයෙන් බස්සවා බිම දණගස්වා ඇති බවය.එහිදී තරුණයන් දෙදෙනා කෑගසීමත් සමග, පැහැරගැනීම සිදුකළ කණ්ඩායමේ අයෙකු බිමට වෙඩි තබා ඇති අතර එහිදී උණ්ඩ කැබැල්ලක් එක් තරුණයෙකුගේ පාදයකට වැදී ඇතැයිද පොලීසිය පැවසීය.පසුව අනෙක් තරුණයා “මේ පොලිසියෙන් නෙවෙයි, අපිව මරන්නයි යන්නේ” යනුවෙන් කෑ ගැසීමත් සමග පිරිස ඔහුගේ ගෙල ප්‍රදේශයට වෙඩි තබා ඔවුන් පැමිණි ජීප් රථයෙන් පලාගොස් තිබේ.තුවාල ලැබූ තරුණයාගේ කෑගැසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පැමිණ මාංචුව කඩා ඔහුව රෝහල්ගත කර තිබූ අතර ගෙලට වෙඩි වැදුණු තරුණයා ඒ වනවිටත් මියගොස් ඇත.එලෙස ඝාතනයට ලක්වුණේ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නැමැත්තෙකි.මේ අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක්වූ තරුණයා හා ඔහුගේ සහෝදරයා ඔවුන් පදිංචි ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග ඉකුත් අප්‍රේල් මාසයේදී ගැටුමක් ඇතිකරගෙන ඇති බවය.ඒ අදාළ පුද්ගලයා සිදුකරන බව කියන ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමකට මෙම සහෝදරයින් දෙදෙනා විරෝධය පළකිරීම හේතුවෙනි.එම පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අමිත් නැමැත්තාගේ ඥාතියෙක් වන අතර ඒ අනුව මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් සිදුවී ඇතැයි පොලීසිය සැක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img