හික්කඩුව, සීනිගම ශ්රී විමලබුද්ධි මහා විද්යාලයට අම්බලන්ගොඩ සිට පැමිණෙන ගුරුවරියකගේ නැන්දනිය සහ මාමණ්ඩියද කොවිඩ් ආසාදිත බවට PCR වාර්තා මගින් ඊයේ තහවුරු වී තිබුණි.
මේ හේතුවෙන් ඇයගේ පළමු පෙළ ආශ්රිතයින් වන ගුරුවරියන් තිදෙනෙකු හා ළමුන් 9 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
හික්කඩුව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් අද එම පාසල විෂබීජහරණය කළ අතර, අද පාසලට පැමිණ සිටි ළමුන් 7 දෙනාද යළි නිවෙස් වෙත රැගෙන යෑමට මව්පියන් කටයුතු කර තිබුණි.
නමුත් හෙට සාමාන්ය පරිදි සීනිගම ශ්රී විමලබුද්ධි මහා විද්යාලයේ අධ්යාපන කටයුතු පවත්වාගෙන යන බව විදුහල්පතිවරයා පැවසීය.






















