Wednesday, November 11, 2026
HomeNEWSසීනි සැඟවූ ගබඩාව සීල් - අද දෙරණ උකුස්සා හෙළිදරව්වක්

සීනි සැඟවූ ගබඩාව සීල් – අද දෙරණ උකුස්සා හෙළිදරව්වක්

සීනි හිඟයක් රට තුළ මවාපාමින් කූඨ වෙළෙඳුන් සීනි කිලෝවක මිල රුපියල් 220ක් දක්වා ඉහළදමා ඇති පසුබිමක වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවක සීනි ටොන් 4,800ක් ගබඩාකර තිබියදී සොයාගැනීමට අද (28) හැකි වුණි.

ඒ, අද දෙරණ උකුස්සාගේ අනාවරණයක් හේතුවෙනි.

ආනයනික බද්ද සත 25කට අඩුකරමින් සීනි කිලෝවක් අලෙවිකළ හැකි මිලද රුපියල් 85ක් ලෙස සඳහන් කරමින් පසුගිය වසරේ නොවැම්බර් මස ගැසට් නිවේදනය නිකුත්කළ පසු මෙරට සීනි අවශ්‍යතාව මෙන් දෙගුණයක සීනි තොගයක් එනම් මෙට්‍රික් ටොන් හයලක්ෂ පනස්දහසක තොගයක් ආනයනය කර ඇති බව “අද දෙරණ“ පසුගියදා අනාවරණ කළේය.

එලෙස ආනයනය කළ සීනි තොග සඟවාගෙන කෘතීම සීනි හිඟයක් රට තුළ ඇතිකර රුපියල් 220ක් වැනි අධික මිලට සීනි කිලෝවක් වෙළෙඳපොළේ අලෙවිවෙමින් ඇති බවද අප පෙන්වා දුනි.

මේ ආකාරයට සීනි තොග සඟවා ගෙන සිටින බවට චෝදනා එල්ල වන පසුබිමක වත්තල මාබෝල ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ ගබඩාවක සීනි තොගයක් ගබඩාකර ඇති බවට “අද දෙරණ උකුස්සාට“ තොරතුරු වාර්තා වුණි.

උකුස්සා  – මට පොඩ්ඩක් කියන්නකෝ යන තැන.

උකුස්සාට තොරතුරු දුන් පුද්ගලයා – මාබෝල ඒ.එස් කන්ටේනර් යාඩ් එක ඉස්සරහා තියෙන්නේ.

උකුස්සා  – සීනි ටික ආවා කියන තැන කොච්චර කාලෙක ඉඳන් ඕක තියෙනවා ඇත්ද ?

උකුස්සාට තොරතුරු දුන් පුද්ගලයා – මම හිතන්නේ මාස 03ක් විතර ඇති.

උකුස්සා  – ගෙනල්ලා බානවා එහෙම දැක්කේ නෑ නේද ?

උකුස්සාට තොරතුරු දුන් පුද්ගලයා – නෑ බානවා. හිටපු ගමන් එනවා ලොකු අඩි 40ක කන්ටේනර් එනවා ඒ කාලේ. දැන්නම් අවේ නැහැ ඒ කලේ ඇවිල්ලා බෑවා. 

උකුස්සා  – එතකොට දන්න විදිහට මේක අර සහනයක් විදිහට ලැබුණු සීනි ටිකද මේ ?

උකුස්සාට තොරතුරු දුන් පුද්ගලයා -අන්න ඒ කාලේ ලැබුණු ඒවා වෙන්න ඕනේ. මම හිතන්නේ.

උකුස්සා  –  එතකොට කාලෙන් කාලෙට මේගොල්ලෝ රෑට රෑට වගේ එළියට දානවද කොහොමද ?

උකුස්සාට තොරතුරු දුන් පුද්ගලයා – ඒ කියන්නේ ටික ටික මේ කට්ටිය ස්ටෝර්ස් තියෙනවලු නුවර, කොළඹ තව තියෙනවලු පොඩි පොඩ් කඩ. ලොරි හතරක් පහකින් ඇවිල්ලා සමහර දවසට පටවගෙන යනවා. දැන් හැබැයි බාන්නේ නැහැ. දැන් ටික ටික පටවාගෙන යන එක තමයි කරන්නේ.

උකුස්සා  –  එතකොට සාමාන්‍යයෙන් කොච්චරක් වගේ ඇත්ද ?

උකුස්සාට තොරතුරු දුන් පුද්ගලයා -මම හිතන්නේ මහත්තයෝ ටොන් 30, 40කට වැඩිය තියෙනවා.

උකුස්සා  – සිනී තියෙන්නේ කියලා ඇස් දෙකට දැකපු අවස්ථා තියෙනවාද ?

උකුස්සාට තොරතුරු දුන් පුද්ගලයා – අපෝ ඔව් අනන්තවත් තියෙනවා. දැන් ගබඩා ඇරලා තියෙන වෙලාවට ඇතුළ පේනවා.

උකුස්සා  – සීනි කියලා බොහෝ දුරට විශ්වාස කරන්න පුළුවන් ?

උකුස්සාට තොරතුරු දුන් පුද්ගලයා – අනිවාර්යෙන්ම පුළුවන්.

ඒ අනුව, උකුස්සා අද දහවල් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේ එම ගබඩාවේ සීනි තොග ගොඩගසා ඇති අයුරු දැක ගන්නට ලැබුණි.

ඒ අනුව, උකුස්සා මේ පිළිබඳව වත්තල පොලීසිය දැනුවත්කළ පසු කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් අනුව වත්තල පොලීසියේ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කළේය.

එහිදී අනාවරණ වුයේ සීනි ටොන් 4,800ක පමණ තොගයක් ගබඩාවේ ඒ වන විටත් රඳවා තිබෙන බවය.

මේ අතර අද දෙරණ උකුස්සා මාබෝල ප්‍රදේශයේ පිහිටි මෙම ගබඩාවේ සීනි තොග සඟවාගෙන තිබෙන බවට පොලීසිය සමග එක්ව කළ වැටලීමෙන් අනතුරුව ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ද දැනුවත් කළේය.

එම දැනුවත් කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් එම ගබඩාවට මුද්‍රා තැබූ අතර එහිදී අනාවරණය වූයේ මෙම ගබඩාවේ පවතින තොග පිළිබඳ එම අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බවය.

මෙරට පාරිභෝගිකයින් පීඩාවට පත්කරමින් අසීමිත ලෙස සීනි මිල ඉහළ දැමීමට දායක වන කූඨ වෙළෙඳුන් සඟවා ගෙන සිටින සීනි තොග පිළිබඳව දිගින් දිගටම අනාවරණ කිරීමට උකුස්සා තවදුරටත් සූදානමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img