Wednesday, November 11, 2026
HomeNEWSසේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අංක 13, ලොයිඩ්ස් ගොඩනැගිල්ල, සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ මහජන සබඳතා කවුළු හෙට (11) සිට 2021.08.20 දක්වා වසා තැබෙන බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි සේවයේ නියුතු නිලධාරින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරුවීම නිසා එම ගොඩනැගිල්ලෙහි පිහිටි මහජන සබඳතා කවුළු මෙසේ වසා තැබෙන බව සේවක අර්ථසාධක  අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි ඒ් ජි යූ තිලකරත්න මහතා නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් සාමාජිකයින්ට හා සේවායෝජකයන්ට සියලු සේවාවන් දුරස්ථව සැලසීමට කටයුතු යොදා තිබෙන අතර වැඩිදුර තොරතුරු සඳහා www.epf.lk වෙත පිවිස දැනගත හැකිය.

ඒ් සම්බන්ධයෙන් වන සියලු විමසීම් සඳහා 0112 206 690-94 දක්වා වන දුරකථන අංක භාවිත කළ හැකි බව ද දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img