Monday, November 2, 2026
HomeNEWSසෞඛ්‍ය හා අධ්‍යාපන අංශයන්හි අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ...

සෞඛ්‍ය හා අධ්‍යාපන අංශයන්හි අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ දී අවබෝධාත්මක හමුවක්.

අප රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශයන්හි වත්මන් ගැටලු සහ එහි අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින විපක්ෂ නායක කාර්යාලයේ දී අවබෝධාත්මක හමුවක් පැවැත්වුණු අතර, එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) කලාපීය අධ්‍යක්ෂ සංජය විජේසේකර යන මහත්වරුන් එක් වූහ. යුනිසෙෆ් හි ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා ද මෙම සංවාදයට එක් විය.යුනිසෙෆ්, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා සමගි ජන බලවේගය විසින් ක්‍රියාකාරීව දායක වනු ඇති ආකාරය පිළිබඳ විපක්ෂ නායකවරයා විසින් මෙහි දී අදහස් දක්වන ලදී. අප රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍රම නංවාලීම සඳහා යුනිසෙෆ් සංවිධානයට දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී යුනිසෙෆ් සංවිධානයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.මෙම සංවාදය තුළ ශ්‍රී ලාංකික පවුල් විසින් මුහුණ පාන්නා වූ පෝෂණ අභියෝග සහ අපගේ රෝග නිවාරණ සහ රෝග ප්‍රතිකර්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රවල පවත්නා දැවෙන ගැටලු ද දෙපාර්ශ්වයේ අවධානයට ලක්විය.මෙම විෂයයන් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තුළ පවත්නා ගැඹුරු දැනුම ඇගයීමට ලක් කළ යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයා විසින් සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කරන ලදී.එසේම සැමට දීප්තිමත් අනාගතයක් උදෙසා සමගි ජන බලවේගය තුළ පවත්නා නොසැලෙන කැපවීම අවධාරණය කරමින් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති කාන්තා හා ළමා අයිතිවාසිකම් කෙරෙහි දක්වා ඇති සුවිශේෂී අවධානයද විපක්ෂ නායකවරයා විසින් මෙහි දි යුනිසෙෆ් සංවිධානයෙ නියෝජිතයන් හමුවේ පැවසීය.https://youtu.be/sBDBztb2FpE?si=Q1VKyFNurezwtMVW

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img