Thursday, July 23, 2026
HomeNEWSසෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම කොවිඩ් මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපළ විවෘත කරනවා...

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම කොවිඩ් මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපළ විවෘත කරනවා – සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා

විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ පළි විවෘත කිරීම සදහා කොවිඩ්  මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති බවත් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ සම්බන්ධව අද  පස්වරුවේ ( 03 ) සෞඛ්‍ය බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේබව පැවසුවේ සංචාරකයන් සදහා ගුවන් තොටුපළ කඩිනමින් විවෘත කිරීමේ අවශ්‍යතාව පිළිබද ඊයේ (02) පැවති සංචාරක අමාත්‍ය උපදේශක කාරක සභාවේදී චන්දිම වීරක්කොඩි ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා පහසුකම් සැපයීමට සංචාරක සේවා ස්ථාන 80ක් මේවන විට හදුනාගෙන තිබෙන බව සංචාරක සේවා අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

කෝවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව සංචාරක සේවා සැපයිය හැකි හෝටල් සහ සංචාරක කර්මාන්තයට අයත් ආයතවලට මේ සදහා ලියාපදිංචි විය හැකි බවත් සෞඛ්‍ය බලධාරීන් සමග එම සේවා ආයතනයන්හි තත්ත්වය පරීක්ෂා කර බලා ඒවා අනුමත කළ හැකි බවත් සභාපතිනිය පැවසුවාය.

ෆයිසර් සමාගම විසින් නිපදවන ලද කෝවිඩ් එන්නත අනුමත කරන ලද පළමු රට ලෙස එක්සත් රාජධානිය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක යුරෝපය තුළද මෙම එන්නත ප්‍රචලිත වී සංචාරකයන්ගේ ප්‍රවර්ධනයක් ඇති වුවහොත් ගුවන් තොටුපල කඩිනමින් විවෘත කිරීමට සිදුවිය හැකි බවද අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය.

කමිටුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සිය අවධානය යොමු කළේය. මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ  සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ අතිගරු ජනාධිපතිතුමා විසින්  පළමු වරට සංචාරකයනගේ ආරාක්ෂාව වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර ඇති බවයි.

 තවද මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම යෙදුමක් ( Mobile App) නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ  සභාපතිනිය පවසා සිටියාය. මෙම යෙදුමහි අන්තර්ගත  පහසුකම් මගින් සංචාරකයා සිටින ස්ථානය සහ ළඟම ඇති පොලිස් ස්ථානය සමඟ සබදතාවය පවත්වා ගත හැකි බවත් මෙම  ජංගම යෙදුම 2021 වසරේ හදුන්වා දෙන බවත් ඇය වැඩිදුරටත් අනාවරණය කළාය. 

මෙහිදී අදහස් දක්වමින්  මඩකලපුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාසමානික්කම් මහතා උතුරු  නැගෙනහිර ප්‍රදේශවල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙලක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන 4956 ක් දැනටමත් හඳුනාගෙන ඇති බවත් රාමායණ කතා පුවත සම්බන්ධ ශ්‍රී ලංකාවේ ස්ථාන  ඉන්දියානු සංචාරකයන් අතර  ප්‍රවර්ධනය කිරීම සඳහා දැනටමත් ඉන්දීය තානාපතිවරයා සමඟ කතා කර ඇති බවත් සභාපතිනිය මෙහිදී පැවසුවාය.

ගුවන්තොටුපල හා ගුවන් සේවා සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ විමසීමට ප්‍රතිචාර දක්වමින්  ප්‍රකාශ කර සිටියේ ගුවන් තොටුපොළ මගී තදබදයට විසදුමක් ලෙස  පළමු පන්තියේ මගීන්ට සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට පහසුකම් සැලසීම සඳහා වෙනම ප්‍රවේශ දෙකක් දැනටමත් ස්ථාපිත කර ඇති බවත් එය ගුවන් තොටුපල නැවත විවෘත කළ වහාම ක්‍රියාත්මක වන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img