Wednesday, November 11, 2026
HomeNEWSසෞඛ්‍ය සේවකයින්ට තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට තීරණය කෙරේ

සෞඛ්‍ය සේවකයින්ට තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට තීරණය කෙරේ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඊයේ (19) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එම එකඟතාවයට පැමිණි බව එම සංගමය සඳහන් කළේය.

පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය සේවකයින් වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බවට එහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් ඔවුන් සඳහා තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට අවධානය යොමු කරන ලෙස එම සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය.

දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 05ක කාලයක් ගත වූ පසු තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට එහිදී එකඟතාවට පැමිණි ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img