Thursday, September 3, 2026
HomeNEWSහරක් කටා ගුවන් යානයේ දී පාලනය කිරීම සඳහා හදිසියේම ගුවන් යානය ඉන්දියාවට...

හරක් කටා ගුවන් යානයේ දී පාලනය කිරීම සඳහා හදිසියේම ගුවන් යානය ඉන්දියාවට ගොඩ බැස්වීමට සිදුවූ බව පොලිස්පති දේශබන්දු හෙලි කරයි.

පාතාල නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඔහු ගුවන් යානයෙන් පැනයාමට උත්සාහ ගත් බවත් ඔහු ගුවන් යානය තුළ පාලනය කර ගැනීම සඳහා ඉන්දියාවටද ගුවන් යානය ගොඩ බැස්වීමට සිදුවූ බවත් පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා අද පාර්ලිමේන්තුවේ පැවති විමර්ශන කමිටුවේදී ප්‍රකාශ කළේය.දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු කමිටුවේදී සාක්ෂි දෙමින් දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේය. මීට අමතරව රහස් පොලිසියේ ඇතැම් නිලධාරීන්ද කරක් කටා සමග සම්බන්ධකම් පැවැත් වූ බවද ඒ මහතා සඳහන් කළේය. එක් වරක් හරක් කටා නිදිමත හැදෙන රස කැවිලි වර්ගයක් රහස් පොලිස් නිලධාරීන්ට ලබාදී ඔවුන්ට නින්ද ගිය පසු පැනයාමට උත්සාහ කළ බවත් විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුගේ මැදිහත් වීම නිසා ඵම උත්සාහය ව්‍යාර්ථ වූ බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img