Sunday, September 13, 2026
HomeNEWSළමා නිවාසයක දැරියන් 11ක් අපයෝජනය කරලා

ළමා නිවාසයක දැරියන් 11ක් අපයෝජනය කරලා

රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාව මාර්තු 8 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ති‌බේ.

අදාළ පුද්ගලයා පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

60 හැවිරිදි සැකකරු රක්වාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු බව පොලීසිය පවසයි.

අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු පසුගිය 24 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ බව පැවසෙන දැරියක් එම ළමා නිවාසයේ රැඳී සිට ඇත.

එම දැරියට වයස අවුරුදු 18 ඉක්මවූ පසු පාලිකාවගේ නිවසේ රැඳි සිට පාසල් ගොස් ඇතැයි ද පරික්ෂණවලදී හෙළිවී තිබේ.

එම දැරිය කහවත්ත රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන ගිය එම ළමා නිවාසයේ පාලිකාවද සිද්ධිය අනාවරණය වීමෙන් පසු ඉවත් කර ති‌බේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img