Saturday, November 14, 2026
HomeNEWS ජපන් විදේශ ඇමති අගමැති හමුවෙයි.

 ජපන් විදේශ ඇමති අගමැති හමුවෙයි.

 ජපන් විදේශ ඇමති අගමැති හමුවෙයි

 ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය ඉහළ නැංවීමට අවබෝධතා ගිවිසුමක්
ජපන් රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ස්තූතිය පළ කළ අතර අද දින අත්සන් කරන්නට යෙදුන (JDS) මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය පිළිබඳ අවබෝධතා ගිවිසුම (MOU) ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් බව පැවසීය.
මෙම අවබෝධතා ගිවිසුමට ජපාන තානාපති මිෂුකොෂි හිදේකි (Mizukoshi Hideaki) සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට සංචාරයක නිරත ජපන් විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි (Yoshimasa Hayashi) මහතා ඉදිරියේ අද (2023.07.29) අරලියගහ මන්දිරයේ දී අත්සන් කරන ලදී.
වරාය, ගුවන් තොටුපළ, දුම්රිය මාර්ග, පුනර්ජනනීය බලශක්තිය, සමුද්‍රීය සහයෝගීතාව සහ පෞද්ගලික අංශය වැදගත් ක්ෂේත්‍ර ලෙස ඉහළ නැංවීමේ අන්‍යෝන්‍ය ප්‍රයත්නයන් පිළිබඳ විභව ව්‍යාපෘති ගවේෂණය කිරීම සඳහා ජපාන විදේශ අමාත්‍යවරයාගේ සංචාරය ඉතා ප්‍රයෝජනවත් වූ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ජපාන රජය විසින් සම සභාපතිත්වය දරන සහ ඉන්දියාව, ප්‍රංශය සහ අනෙකුත් පරිත්‍යාගශීලී රටවල සහාය ඇතිව පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ මෙහිදී සාකච්ඡා කළේය.
යෝජිත සැහැල්ලු දුම්රිය ප්‍රවාහන (LRT) ව්‍යාපෘතිය අත්හිටුවීමේදී පසුගිය වකවානුවේ වැරැද්දක් කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටි අතර එය පෞද්ගලික සහ රාජ්‍ය හවුල් (PPP) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සලකා බැලීමට විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි එකඟ විය.
දෙරට විසින් අත්සන් කරන ලද JDS මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය පිළිබඳ අවබෝධතා ගිවිසුම යටතේ ජපානය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින්ට සහ විද්වතුන්ට ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා අමතර ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත. මෙම වැඩසටහන 2025 දක්වා ක්‍රියාත්මක වන අතර මේ වසරේ මෙම ශිෂ්‍යත්ව සඳහා රුපියල් මිලියන 611 ක මුදලක් ජපානය විසින් වෙන් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා (Yoshimasa Hayashi) ප්‍රධාන දූත පිරිසක්ද, ජාත්‍යන්තර සහයෝගීතා පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් කසුයා එන්ඩෝ (Kazuya Endo), අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යුටාකා අරීමා (Yutaka Arima), නිරිතදිග ආසියානු කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ටාරෝ ත්තුත්සමී (Taro Tstutsami), ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මනාබු මුරකාමි( Manabu Murakami), විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img