20 ගෙන ඒම නව රජයේ ප්‍රමුඛ කාර්යක් – අධිකරණ ඇමති අද දෙරණට කියයි
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය වූ ව්‍යාකූලතා ඉවත් කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා වන සංකල්ප පත්‍රිකාවක් පළමු කැබිනට් මණ්ඩල රැස්වීමටම ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.
එය නව රජයේ ඉහළම ප්‍රමුඛතාවයක් ලෙස සළකා කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තමාට උපදෙස් දුන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
“අද දෙරණ” සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ පසුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන්ම එය අහෝසි කළ යුතු බවට පසුගිය කාලයේ වරින් වර ප්‍රකාශ කළේය.
එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව පැවසූ වත්මන් රජය මෙවර මහ මැතිවරණ සමයේ දී ඒ සඳහා තුනෙන් දෙකක ජනවරමක්ද ඉල්ලා සිටියේය.
වත්මන් රජයට තුනෙන් දෙකක ජන වරමක් ලබාදීමෙන් පසු, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්ය බවය.






















