Friday, September 11, 2026
HomeNEWSසංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනපතිගෙන් ඇරයුම්

සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනපතිගෙන් ඇරයුම්

සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනපතිගෙන් ඇරයුම් සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්, අපේ රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස සියලුදෙනාට ආරාධනා කළේය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, මෙම දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ දැනට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව විපක්ෂය නියෝජන කරන දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින් සහ නියෝජිතයන් දැනුවත් කිරීම සහ අදහස්, යෝජනා ලබා ගැනීම වෙනුවෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමිනි.ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක් කර ගනිමින් ‘ශ්‍රී ලාංකික දිනය’ පැවැත්වීමට සැලසුම් කර තිබේ.සියලු ජාතීන් එක් කර ගනිමින් ශ්‍රී ලංකා දින සැමරුම සංවිධානය කිරීම, මීට සහභාගී වූ සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර ඒ හා සම්බන්ධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම අනුව, රජය ක්‍රියාත්මක කර ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සහ රට තුළ ජාතික සහ ආගමික සමගිය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට කොන්දේසි විරහිතව තම සහාය ලබා දෙන බවද මෙහිදී එම නියෝජිතයෝ අවධාරණය කළහ.බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකා දින ජාතික වැඩසටහනේ සංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, දේශපාලනික, ආගමික සහ සංස්කෘතික විවිධත්වයෙන් ඔබ්බට, පොදු වේදිකාවක සියලුදෙනාට එක්ව කටයුතු කළ හැකි පරිදි මෙම වැඩසටහන් සහ සැලසුම් නිර්මාණය කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සංවිධායක මණ්ඩලයට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිර යන මහත්වරුද, දමිළ ප්‍රගතිශීලි සන්ධානය (TPA) නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) නියෝජනය කරමින් රිෂාඩ් බදියුදීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නියෝජනය කරමින් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් කාදර් මස්තාන්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) නියෝජනය කරමින් අමිර්තනාදන් අඩෛක්කලනාදන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) නියෝජනය කරමින් ඉලයතම්බි ශ්‍රීනාත්, කවින්දරන් කෝඩීස්වරන් සහ ටී. රවිහරන්, ස්වාධීන කණ්ඩායමේ රාමනාදන් අර්චුනා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img