Tuesday, September 8, 2026
HomeNEWS2026 Eagles’ Monsoon Cup ගොල්ෆ් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා Aviyana Ceylon

2026 Eagles’ Monsoon Cup ගොල්ෆ් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා Aviyana Ceylon

2026 Eagles’ Monsoon Cup ගොල්ෆ් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Aviyana Ceylon හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්වෙයිශ්‍රී ලංකාවේ ඉදිවෙමින් පවතින අති සුඛෝපභෝගී තරු 7 හෝටල් ව්‍යාපෘතියක් වන Aviyana Ceylon, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව 2026 ජනවාරි 11 දින පැවැත්වීමට නියමිත Eagles’ Monsoon Cup ගොල්ෆ් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සම්බන්ධ විය.Aviyana Ceylon හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතාගේ උපදෙස් පරිදි, මෙම ජාත්‍යන්තර මට්ටමේ ගොල්ෆ් තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා රුපියල් මිලියන 2.5ක මූල්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කර ඇත.ඒ අනුව පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවති සංකේතාත්මක චෙක්පත් භාරදීමේ උත්සවයකදී, එම අනුග්‍රහක මුදල Aviyana Ceylon හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.මෙම අවස්ථාවට,Eagles’ Golf Links හි සභාපති ගුවන් හමුදා කොමොඩෝර් එරන්දික ගුණවර්ධන, ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ ලේකම් හා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ, Eagles’ Golf Links ලේකම් ගෘප් කැප්ටන් අසංක රත්නායක, ගුවන් හමුදා ගොල්ෆ් ලේකම් වින්ග් කොමාන්ඩර් RASTA ප්‍රනාන්දු, Aviyana Ceylon නියෝජිතයින් සහ අනෙකුත් ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ.ශ්‍රී ලංකාව උසස් මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස ගෝලීය වශයෙන් ස්ථාපිත කිරීම, උසස් ජාලගත කිරීම් සහිත ක්‍රීඩා උත්සව ප්‍රවර්ධනය, සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම යන කරුණු මුල්කරගෙන මෙම අනුග්‍රාහකත්වය ලබාදීමට ක්‍රියාකළ බව Aviyana Ceylon හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි.එමෙන්ම, මෙම හවුල්කාරීත්වය යටතේ, Aviyana Ceylon සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර අන්තර්ගතව පවතින නව යෝජනාවක් ලෙස, Aviyana Ceylon හි පාරිභෝගිකයන් සඳහා දේශීය හෙලිකොප්ටර් සංචාර (Luxury Heli Tours) ලබාදීම සඳහා සහයෝගී වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටද යෝජනා කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය ගුවනේ සිට ලෝකයට ප්‍රදර්ශනය කිරීමේ අද්විතීය අවස්ථාවක් ලෙස සැළකේ.Eagles’ Monsoon Cup ගොල්ෆ් තරඟාවලිය, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාර නායකයින්, උසස් ආදායම්ලාභී පුද්ගලයන් සහ ජාත්‍යන්තර ගොල්ෆ් ක්‍රීඩකයින් එක්වන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා උත්සවයක් ලෙස හැඳින්වේ. Aviyana Ceylon සමඟ ඇති මෙම හවුල්කාරීත්වය, ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකත්වය, සංචාරක සංවර්ධනය සහ ජාතික වෙළඳ නාමය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.Aviyana Ceylon යනු, ලෝක මට්ටමේ අත්දැකීම්, පෞද්ගලික විලා, ඉහළ ආගන්තුක සත්කාර සේවාවන් සහ අද්විතීය ජීවන රටාවන් හරහා, ශ්‍රී ලංකාව ගෝලීය අති සුඛෝපභෝගී සංචාරක සිතියමට ගෙන යාම අරමුණු කරගත් තරු 7 හෝටල් ව්‍යාපෘතියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img