Monday, August 31, 2026
HomeNEWS22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි.

මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී ඒ්කාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණයට සහභාගී වූ ජනතාවය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක, එජාප ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු පා.ම සමන් රතනප්‍රිය යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් උද්ඝෝෂණය‌ට නායකත්වය දුන් අතර ඊට විශාල පිරිසක් සහභාගීව සිටියහ.

“ජනතා පරමාධිපත්‍ය සුරකිනු!, ඡන්ද අයිතියට අත නොතබනු!, 22ට ජනමත විචාරණයක් ලබාදෙනු!, ජන මතයට හිස නමනු!, අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු!” ආදි සටන් පාඨ ලියු පුවරු උද්ඝෝෂකයෝ අත වූහ.

පැය බාගයකට ආසන්න කාලයක් සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වූ පිරිස විසිර ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...

තරුණියක් පැහැරගෙන අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

තරුණියක් පැහැරගෙන යන බවට වාර්තා වූ මෝටර් රථයක් නාවල පාර මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ නිසා පොලිසියෙන් වෙඩි. තරුණිය සහ මෝටර් රථය අතහැර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img