Thursday, September 10, 2026
HomeNEWS25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමනායක මහතා සඳහන් කළේ විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවලට මෙලෙස තරමක වැසි ඇතිවිය හැකි බවය.

අද (23) දිනයේදී ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

අම්පාර, මඩකලපුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද සචිත් වික්‍රමනායක මහතා පැවසීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර ප්‍රදේශවල සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර ඉහළ අගයක පැවතිය හැකි බවය.

පොලොන්නරුව වැනි ප්‍රදේශවල උදෑසන 8:30 වන විටත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ඉක්මවන බැවින්, පෙරවරු 10:00 සිට පස්වරු 3:00 දක්වා කාලය තුළ එළිමහනේ ගතකිරීම අවදානම් බවද  කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමනායක මහතා පැවසීය.

එබැවින් දහවල් කාලයේ එළිමහනේ ගතකරන කාලය සීමා කරන ලෙසත්, වැඩිපුර ජලය පානය කර සිසිල් ස්ථානවල ගැවසෙන ලෙසත් ඒ මහතා ජනතාවට උපදෙස් ලබා දී තිබේ.

තවද කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img