Tuesday, August 25, 2026
HomeNEWS30%ක ඇමෙරිකානු තීරු බද්දට ප්‍රතිචාරය කුමක්ද කියා සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

30%ක ඇමෙරිකානු තීරු බද්දට ප්‍රතිචාරය කුමක්ද කියා සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

*ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරාත්මක තීරුබදු නිසා රටට වෙන බලපෑම්වලට රජයේ ප්‍රතිචාරය මොකද්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි*ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අප රටට ප්‍රතිචාරක තීරුබදු 30%ක් පැනවීම තුළ අප රටේ අපනයන ක්ෂේත්‍රයට බරපතල සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් ඇගලුම්, තේ, රබර්, තොරතුරු තාක්ෂණය, ධීවර ක්ෂේත්‍රයන්ට මෙහි සෘණාත්මක බරපතල බලපෑම සිදුවන බවත් අප රටේ අපනයනවලින් 26.4%ක අපනයන ගමනාන්තයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය හැඳින්විය හැකි බවත් 2024 අප රටේ අපනයන වටිනාකම ඇ. ඩොලර් බිලියන 3.8ක් බවත් 30%ක ප්‍රතිචාරක තීරුබදු පැනවීම තුළ අපනයන වෙළෙඳාම කිරීම බරපතල ගැටලුවලට මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.අප රටේ ඇගලුම් අපනයනවලින් 60%ක් ඇමෙරිකාව බලා යන බවත් මේ බදු පැනවීම තුළ අප රටට ලැබෙන ඇනවුම් 30-40%ත් අතර ප්‍රමාණයකින් අඩුවන බවත් මෙය රබර් සහ තේ යන ක්ෂේත්‍රවලට බරපතල බලපෑමක් සිදුවන බවත් මේ හරහා රටට එන ඩොලර් ප්‍රමාණය අඩු වී රුපියල අවප්‍රමාණය විය හැකි බවත් ඒ තුළින් උද්ධමනය වැඩි වී ආනයන වියදම වැඩි විය හැකි බවත් ඊට අමතරව ඇගලුම් ක්ෂේත්‍රයේ 350000ක් පමණ රැකියාවල නිරත වන නිසා මේ තීරුබදු පැනවීම හරහා රැකියා සුරක්ෂිතභාවයට මරු පහරක් එල්ල වී අප රට අපනයන කේන්ද්‍රීය සෘජු විදේශ ආයෝජන කේන්ද්‍රස්ථානයක් පවත්වාගෙන යාමට බරපතල බාධාවක් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරාත්මක බදු පැනවීම ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.*මෙම ව්‍යුහාත්මක වෙළෙඳ හිගය දිගින් දිගටම ක්‍රියාත්මක වන බවත් එය මගහරවා ගත හැක්කේ අපනයන ගමනාන්තයන් විවිධාංගීකරණය කිරීම හරහා බවත් පැනවූ බදු 44% සිට 30%ට අඩු වීම අප රටට බරපතල බලපෑමක් නොවන බවට බොහෝ අය සිතුවත් මෙවන් විශාල ප්‍රතිචාරක තීරු බද්දක් පැනවීම තුළ අප රටට විශාල හානියක් බවත් වියට්නාමය බංග්ලාදේශය වැනි රටවලට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත් ඇගලුම් ක්ෂේත්‍රය මිල සංවේදී නිෂ්පාදනයක් බැවින් උසස් තත්ත්වයේ සන්නාම අප රටට අහිමි වීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බවත් අගය එකතු කළ තේ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට විශාල මරුපහරක් එල්ලවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.*මේ අර්බුධය ඇති වෙන්න පෙර සමගි ජන බලවේගයේ අපි අනතුරු ඇගවූවා*වත්මන් රජය මේ ගැටලුව දැක දැක මේ ප්‍රශ්නයෙන් අප රටට හොදම විසදුම ලබා ගන්න කළ හැකි උපරිම දේ කළාද කියා ගැටලුවක් ඇති බවත් මේ ගැටලුව ඇති වන්නටත් පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයත් සමග මේ සිදුවන දේ ගැන පාර්ලිමේන්තුවේ සහ ඉන්පිටත රජයට අනතුරු ඇගවූ නමුත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපනයන ක්ෂේත්‍රය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකව ඒ යුතුකම ඉටු වූවාද ගියා ගැටලුවක් ඇති බවත් රටවල් දෙක අතර සාකච්ඡා කර අනුගමනය කළ යුතු ක්‍රමවේද හරියට වූවාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*මේ බදු පැනවීම සමාජ ව්‍යසනයකට මුල පිරීමක්*විශේෂයෙන්ම සෙනට් සභාවේත් හවුස් ඔෆ් රිප්ප්‍රසන්ටේටිව් සභාවේත් ශ්‍රී ලංකාවට සම්බන්ධ සාමාජිකයන් සමග සාකච්ඡා කර ඔවුන් හරහා ඇමරිකානු රජයට එල්ල කළ හැකි උපරිම බලපෑම එල්ල කළ යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අණ පනත් මේ සභා දෙකෙන් අනුමත වූයේ සුළු ප්‍රමාණයකින් බැවින් මේ තත්ත්වයන් උපයෝගී කර ගෙන අප රට නිසි බලපෑමක් කළ හැකි බවත් මේ හරහා රජයට කළ හැකි බලපෑම හරියාකාරව ඉටු කළා ද කියා ගැටලුවක් ඇති බවත් ලෝක වෙළෙද සංවිධානය හරහා කළ හැකි බලපෑම් ටික නිසි ආකාරව සිදුවූයේ ද යන්න ද ගැටලුවක් ඇති බවත් මේ ප්‍රතිචාරක තීරුබදු පැනවීම නිසා අප රටේ ක්ෂේත්‍ර ගණනාවකට බරපතල බලපෑමක් එල්ල වන බවත් මේ ගැටලුවට රජය ලබා දෙන පිළිතුරු සහ විසදුම් දැන ගැනීමට අවශ්‍ය බවත් රැකියා අහිමිවීම කර්මාන්තශාලා වැසී යාම තුළ සමාජ ව්‍යසනයක් නිර්මාණය විය හැකි බැවින් මෙය දරිද්‍රතාව වැඩි වීමට හේතුවක් බවත් මෙවැනි තත්ත්වයක් තුළ මේ ගැටලුවට නිශ්චිතව ලබා දෙන විසදුම දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂයේ අපි රට වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙනවා*විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපනයන ක්ෂේත්‍රය වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.https://youtu.be/OI35eSEEzXw?si=_xQXGsyBcebHZ7Dm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img