Friday, September 11, 2026
HomeNEWS58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබ පැතුම්!

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබ පැතුම්!

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබ පැතුම්!58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුබ පැතුම් එක කළේය. ඒ, කොළඹ කැම්පොරියේ සංවිධායක කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් නායකයින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2023.12.07 දින අගමැතිවරයා මුණගැසුන අවස්ථාවේදීය. රටට දක්ෂ මෙන්ම විනයගරුක නායකයන්ගේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණර්වධන මහතා ස්වෙච්ඡා නිලධාරීන් මෙවැනි වැදගත් සමාජ හිතකාමී ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට දක්වන කැපවීම ඉහළින් අගය කළේය. මෙම අවස්ථාවට කොළඹ බාලදක්ෂ කොමසාරිස් අමිල් අබේසුන්දර, කඳවුරු සංවිධායක කොමසාරිස් ෂබීන් අහමඩ් සහ කොළඹ බාලදක්ෂ සංගමයේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරු ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.58වන කොළඹ බාලදක්ෂ කැම්පොරිය දෙසැම්බර් 8, 9 සහ 10 යන දිනවල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පැවත්වෙන අතර බාලදක්ෂයෝ මෙන්ම බාලදක්ෂ නායකයෝ දොළොස් දහසකට වැඩි පිරිසක් සම්බන්ධ වන මෙම කඳවුරේ මෙවර තේමාව ‘හදවතින් මෙන්ම මනසින් පිරිපුන් බාලදක්ෂයින්’ (Scouting with Heart and Mind) යන්නය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img