Friday, September 11, 2026
HomeNEWSවිදේශ අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කරන්න - යදාමිණි ගුණවර්ධන.

විදේශ අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කරන්න – යදාමිණි ගුණවර්ධන.

විදේශ අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කරන්න – පා. ම. යදාමිණි ගුණවර්ධන මහතාගෙන් මැතිසබයට යෝජනාවක් විදේශ අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවන ලෙස පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය. විදේශ කටයුතු ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඔහු මෙම යෝජනාව කළේ, අය-වැයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශිර්ෂ විවාදයට 2023.12.07 දින එක්වෙමිනි. මෙසේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමෙන්, කදිරගාමර් මධ්‍යස්ථානය වැනි ආයතන සමගත්, ජාත්‍යන්තර සබඳතා ඇති විද්වතුන් සමගත්, ඊට අදාළ ශිෂ්‍යන් සමගත් කටයුතු කිරීමට එය වේදිකාවක් කරගත හැකි බව පැවසූ ඔහු, එළඹ ඇති විදේශ ගිවිසුම් ගැනත්, පවතින විදේශ සබඳතා ශක්තිමත් කරගැනීම හා නව විදේශ සබඳතා ගොඩනගා ගැනීම ගැනත්, අර්බුද අවස්ථාවල කටයුතු කිරීම ගැනත් එමගින් කටයුතු කළ හැකි බව කියා සිටියේය.ලොව ජනගහනයෙන් මිලියන 500ක් පමණ කුරුඳු පාරිභෝජනය කරන බවත්, එමනිසා රට කුරුඳු නිෂ්පාදනයෙන් විශාල විදේශ ආදායමක් ලැබිය හැකි බවද, එය අපේ රට නියෝජනය කරන තානාපතිවරයෙක් ලෙස හැඳින්විය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.චන්ද්‍රිකා තාක්ෂණය ගැනද අවධානය යොමුකළ යුතු යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, පසුගිය මාස 12 තුළ ලොව ධනවත්ම අයගෙන් තුන්දෙනෙක් චන්ද්‍රිකා තාක්ෂණයට ආයෝජනය කර ඇති බවද පැවසිය. අන්තර්ජාතික සන්නිවේදන, නාවික, ආරක්ෂණ ආදී සබඳතාවලදී මෙම තාක්ෂණය ඉතා වැදගත් බව කී ඔහු, අවාසනාවකට ලංකාවට මිට අදාළ අනතර්ජාතික සම්මුතීන් ඉදිරියට ගෙනයාමට හැකියාව නොලැබුන බවද ප්‍රකාශ කළේය. චන්ද්‍රිකා තාක්ෂණයේ ප්‍රමුඛයා වූ ආතර් සී ක්ලාක් විද්‍යාඥයා ගැන පැවසූ ඔහු, විදේශ අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කාර්යාලයක් තුළින් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ගාමිණී කොරයා මධ්‍යස්ථානය ආදිය සමග සම්බන්ධ වෙමින් ඉදිරි දශකය තුළ ලොවට ඉතා වැදගත් වන චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ වැඩකළ හැකිද සඳහන් කළේය.දේශගුණ විපර්යාස ගැන ජනාධිපතිතුමාගේ උනන්දුව ගැන කෘතඥ වන බවද, ලංකාව ප්‍රමුඛතාව ලබාදිය යුතු ක්ෂේත්‍ර ගැන ජනපති පැහැදිලිව හඳුනාගෙන නායකත්වය දෙන බවද කී මන්ත්‍රීවරයා, ඒ ගැන ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළේය.සමුද්‍රීය අයිතිය ගැන නීති සකසා ගැනීමට ලංකාවට නොහැකි වූ බවද ඒ ගැන අවධානය යොමු කළ යුතු බවද ඔහු පැවසීය.ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සැකසීමේ පුරෝගාමී වූ පක්ෂයක සාමාජිකයෙකු ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ පාර්ලිමේන්තුවේ කතාකරන්න ලැබීම ගැන තමන් සතුටු වන බවද පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා කියා සිටියේය.විශේෂයෙන්ම ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින කාලය තුළ ශ්‍රී ලංකාවට සහය වූ රටවලට ස්තූති කිරීම අපගේ යුතුකම බවද, විශේෂයෙන්ම කලාපීය අසල්වැසියන් වන ඉන්දියාව, පකිස්ථානය සහ චීනය, ජපානය, පැරිස් සමාජය, යුරෝපා සංගමය ආදීය රටට සහයෝගය දැක්වූ බවද ඔහු කීය. ශ්‍රී ලංකාව වඩාත් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම සඳහා උපරිම උපරිමය කරමින් සිටින අපගේ විදේශ තානාපති කාර්යාලවලටද ඔහු තුති පිදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img