පලාත් සභා අහෝසි කිරීමට හිටපු මහ ඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පලාත් සභා ක්රමයේ කිසියම් ගැටළු ඇත්නම් ඒවා නිවැරදි කර පලාත් සභා ක්‍රමය රට තුල පවත්වාගෙන යා යුතු බවයි.
කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වූ ඇමතිවරයා උත්සව සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කලේය.
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට හඳුන්වා දුන් පලාත් සභා ක්‍රමය ඉන්දියාව බලහත්කාරයෙන් ඇටවූවක් බවත් උතුරු නැගෙනහිර පැවැති ප්‍රශ්නයට පිළියමක් ලෙස හඳුන්වා දුන් බවත් පිලිගත හැකි වුවද පරිපාලන බලය බෙදීම සඳහා හඳුන්වා දුන් පලාත් සභා ක්‍රමය අහෝසි නොකල යුතුය යන්න සිය ස්ථාවරය බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.






















