මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් හෝටලයක් යාබද නිවසක් මතට අද (20) අළුයම කඩාවැටිණි.
මෙම අනතුරින් මාස එකහමාරක් පමණ වයසැති බිළිඳෙකුට දිවි අහිමි වූ අතර සුන්බුන්වලට යටවූ බිළිඳාගේ මව්පියන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
යුද හමුදා 11 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකෝන් මහතා ඒ බව සඳහන් කළේය.
මහනුවර නගරයේ සිට කිලෝමීටර 2ක් පමණ දුරින් පිහිටා ඇති බූවැලිකඩ ප්‍රදේශයේ සංඝමිත්තා මාවතේ හෝටලයක් හදිසියේම අද අළුයම 5ට පමණ කඩාවැටී ඇත.
.
කඳුබෑවුමක පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් වූ එම හෝටලය ඊට පහළින් පිහිටි නිවසක් මතට පතිත වී තිබේ.
අනතුරත් සමග පහළ නිවසේ සිටි පස්දෙනෙකු සුන්බුන්වලට යට වී ඇත.
මෙලෙස අනතුරට ලක්වුණේ එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළක්, ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳා සහ තවත් කාන්තාවක් දෙදෙනෙකි.
ඉන් කාන්තාවන් දෙදෙනා අනතුර සිදුවූ අවස්ථාවේම බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට හා පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ.
සුන්බුන්වලට යටවූ බිළිඳා සොයාගැනුණු අතර බිළිඳාව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.
සුන්බුන්වලට යටවූ බිළිඳාගේ මව්පියන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.






















