මෙම කොස්තාපල්වරයා පසුගියදා සපුගස්කන්ද ප්රදේශයෙන් හෙරොයින් කිලෝ 23 ක් සොයාගැනීමේ සිද්ධියේ ප්රධාන සැකකරුවෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ දනුෂ්කොඩි පොලිස් නිලධාරීන්ගේ අත්අඅඩංගුවට පත්වන්නේ පසුගිය 5 වැනිදාය.
ඒ, මුහුදු මාර්ගය ඔස්සේ ශ්රී ලංකාවෙන් පළා ගොස් නීතිවිරෝධීව තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදීය.
පසුව රාමේෂ්වරම් අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
රිමාන්ඩ් භාරයේ සිටින සැකකරු පිළිබඳ එරට පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ඔහු ඉන්දියාවට ඇතුළු වූ ආකාරය සහ අත්අඩංගුවට පත්වීමට පෙර ගමන් කළ ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමටයි.
ඉන්දියාවේදී ඝාතනය කළ බවට සැක කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කා සමඟ සම්බන්ධතාවක් පවතින්නේ දැයිද ඔහුගෙන් විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ එවැනි සම්බන්ධයක් නොමැති බවය.






















