Sunday, November 15, 2026
HomeNEWSආනවිළුන්දාව පරීක්ෂණ ගැන පොලීසියට චෝදනාවක්

ආනවිළුන්දාව පරීක්ෂණ ගැන පොලීසියට චෝදනාවක්

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇතැම් පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පසුබට වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය චෝදනා කරයි.

එහි සභාපති එස්. අමරසිංහ මහතා මේ බව සඳහන් කළේ එම අධිකාරියේ අද (21) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

“ආනවිළුන්දාව රක්ෂිතයේ තෙත් බිම් ව්‍යාපෘතියට අදාළව ඒ මොහොතේ හඳුනාගත් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට පොලීසිය විසින් ඉදිරිපත් කළා. එහෙත් අධිකරණයට ඉදිරිපත්කළ සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව තවමත් අත්අඩංගුවට ගත යුතු හිටපු සභාපතිගෙන් ප්‍රකාශ ලබාගැනීම තවමත් ප්‍රමාදයි“ යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

“පොලීසියෙන් ඉල්ලීමක් කළා. හැකි ඉක්මනින් උපදෙස් දුන්නැයි කිනයවා සභාපතිවරයාගෙන් වාර්තාවක් අරගෙන රජයටත්,  දෙපාර්තමේන්තුවටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත් දැනුම් දෙන්න කියලා. අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. එහෙත් ක්‍රියාත්මක වෙන්නේ ඒ සිද්ධියට සම්බන්ධ අයට පමණයි. අනෙක් අය අත්අඩංගුවට ගෙන නැහැ,“ යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රශ්නයක් – ප්‍රධාන අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක් ඕක පිටිපස්සේ ඉන්නවා කියන කතාව සත්‍යයක්ද?

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති – “සත්‍ය අසත්‍යතාව දන්නේ නැහැ, වගකිවයුත්තාගෙන් ප්‍රශ්න කළ යුතුයි. පොලිසිය තවම එය කරලා නැහැ, ඇමතිවරයා කිව්වාට මදි, හන්තාන එළිකිරීම සම්බන්ධයෙන් හිටපු ඇමතිගේ දියණියව අත්අඩංගුවට ගත්තේ නැහැ,  අත්අඩංගුවට ගත්තේ එතැන හිටපු අය. එහෙත් අධිකරණයට ඉදිරිපත් කරද්දී, ඉඩම් හිමිකරුට විරුද්ධව පැමිණිලි කළා. ආනවිළුන්දාව සිද්ධියේදී පමණක් පොලීසිය ප්‍රකාශ නොගැනීම ප්‍රශ්නයක්“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img