Sunday, November 15, 2026
HomeNEWSජන ගැටලු විසඳීමට ජනපති ගමින් ගමට යෑමට තීරණය කරයි

ජන ගැටලු විසඳීමට ජනපති ගමින් ගමට යෑමට තීරණය කරයි

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගමට  චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ.

ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක්ගැනවිලි තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම එතුමාගේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තෝරාගෙන ඇත.

ජන හමුව හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න විද්‍යාලයේ දී ලබන සිකුරාදා (25) උදේ 10.00 ට ඇරඹේ.

ගම්බද ජනතාව බොහෝ කල් නොවිසඳී ඇති ආර්ථික හා සාමාජයීය ගැටලු නිසා දුෂ්කරතා පිරි ජීවිතයක් ගත කරන බව ජනාධිපතිවරයා, ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සමයේ රට පුරාම පාහේ කළ චාරිකාවලදී වටහාගෙන තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ජීවනෝපාය ගැටලු, ඉඩම් හා නිවාස හිඟය, ඉඩම්වලට නිරවුල් ඔප්පු නොතිබීම, සෞඛ්‍ය සහ ප්‍රවාහන සේවා ප්‍රමාණවත් නොවීම, දරුවන්ගේ අධ්‍යාපන ගැටලු සහ පාසල් අඩු පාඩු, වගා සහ පානීය ජල හිඟය,  වන අලි ගම්වැදීම, කෘෂි නිෂ්පාදන අළෙවි කර ගැනීමේ අපහසුව එසේ හඳුනාගත් ප්‍රශ්න අතර ප්‍රධාන තැනක් ගනී.

ගම්බද ජනතාවට ඇති දුෂ්කරතා අවබෝධ කරගෙන ඒවා කඩිනමින් විසඳීමට සහය විය යුතු රාජ්‍ය ආයතනවල උදාසීනතාව සහ අකාර්යක්ෂමතාව තවත් මුල් පෙළේ ගැටලුවක් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

“ජනාධිපතිවරයාගේ ග්‍රාම නිරීක්ෂණ චාරිකා සංවිධාන කෙරෙන්නේ ජනතාවට ප්‍රමුඛත්වය දෙමිනි. වැය කරන මුදල හැකි අවම මට්ටමේ තබා ගැණෙන අතර නිලධාරි කණ්ඩායම් කොළඹින් ගෙන යන්නේ නැති බවත් ජන ගැටලු විසඳීමේ දී ප්‍රදේශයේ නිලධාරිහූ පමණක් සහභාගි කර ගන්නා බවත් සඳහන් වේ”.

ජනහමුවලට පැමිණ තමන්ට ඇති ප්‍රශ්න දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

ඉදිරිපත් වන ගැටලුවලට හැකි සෑම විටම එසැණ විසඳුම් දීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවද එම නිවේදනයේ සඳහන් වේ.

විසඳීමට කල්ගත වන ගැටලු පමණක් පසුව නිරාකරණය පිණිස සටහන් කර ගැනීමට නියමිතය.

සිකුරාදා නිරීක්ෂණ චාරිකාව සඳහා තෝරාගෙන ඇති හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 02කි. ඒවායේ පවුල් 222ක් පදිංචිව සිටිති.

ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී, ගම්මිරිස් සහ කුරුඳු වගාව හා හේන් ගොවිතැනයි.

ජන හමුව පැවැත්වෙන කුමාරතැන්න විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 17කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img