Sunday, November 15, 2026
HomeNEWSLatest Newsකන්නන්ගර ගුණ සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් ....

කන්නන්ගර ගුණ සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් ….


කන්නන්ගර ගුණ සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් ….

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලී ලත් ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 51 වන ගුණ සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණ.

ජනාධිපති කාර්යාලය පරිශ්‍රයේ ස්ථාපිත කන්නන්ගර පිළිරුවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පුෂ්පෝහාර දැක්වූහ.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියෝ කන්නන්ගර සමරු ගීතය ගායනා කළහ. 

1943 දී නිදහස් අධ්‍යාපන පනත සම්මත කොට ගෙන පළමු වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද සියලු දරුවන්ට හිමිකර දීමට කන්නන්ගර මැතිතුමා පුරෝගාමී විය. ශ්‍රී ලාංකික සමාජයේ ව්‍යුහාත්මක පරිවර්තනයකට පාදක වූ නිදහස් අධ්‍යාපන ක්‍රමය පහළ ස්ථරවලට අයත් ජනතාවගේ ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන්ට ඉහළ ජීවන මට්ටමක් අත් කර ගැනීමටත්, සමාජ විසමතාව තුනී කිරීමටත් ඉවහල් වී ඇත. 

1943 දී ආරම්භ වූ නිදහස් අධ්‍යාපනය පෝෂණය කිරීමට මෙරට බොහෝ දේශපාලන නායකයෝ දායක වූහ. රාජ්‍ය  මන්ත්‍රණ සභාවේ සහ පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වූ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ඔවුන් අතර ප්‍රමුඛයෙකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්තිය වත්මන් යුගයට ගැළපෙන අයුරින් සංවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය දී තිබේ. එතුමා “සෑම දරුවෙකුටම සමාන ඉගෙනුම් අවස්ථා” යන තේමාව යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ආරම්භ කර ඇත. 

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන  ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහූ, සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති වරලත් ගණකාධිකාරී ජේ.එම්.යූ.බී. ජයසේකර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img