Sunday, November 15, 2026
HomeNEWSLatest Newsජගත් සමන්තට ඇප

ජගත් සමන්තට ඇප

ජගත් සමන්තට ඇප

අනවිළුන්දාව “රැම්සා අභයභූමිය”ට අයත් කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත ජගත් සමන්ත මහතා මුදා හරින ලෙස හලාවත දිසාවිනිසුරු අනුර ඉන්ද්‍රිජිත් බුද්ධදාස මහතා අද (24) පස්වරුවේ නියෝග කර ඇත.

ආනවිළුන්දාව “රැම්සා අභයභූමිය” තුළ ඉස්සන් ගොවිපලක් සකස් පොකුණක් සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව රක්ෂිත බන්ධනාගර ගත කර තිබුණි.

වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ආරච්චිකට්ටුව පොලීසියට මේ සම්බන්ධයෙන් පසුගිය 26 වැනිදා පැමිණිල්ලක් කර තිබුණි. 

ඒ අනුව සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින් දෙදෙනෙකුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් 27 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඉස්සන් පොකුණ සකස් කිරීම සිදුකළ බව කියන ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවා සහ ඒ සඳහා අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකුව එසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් දෙදෙනා හලාවත දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණි.

ඔවුන් දෙදෙනාව පසුගිය 19 වැනිදා රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇප මත මුදා හරිනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img