Saturday, November 14, 2026
HomeNEWS20ට එරෙහි පෙත්සම් ඉදිරිපත් කිරීම හෙටින් අවසන්

20ට එරෙහි පෙත්සම් ඉදිරිපත් කිරීම හෙටින් අවසන්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කිරීම සඳහා ලබා දී තිබු කාලය හෙටින් (29) අවසන් වේ.

පසුගිය 22 වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 07ක කාලයක් ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

ඒ අනුව මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් පෙත්සම් ඉදිරිපත් කිරීමට පවතින කාලය හෙටින් අවසන් වීමට නියමිතය.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ තීරණය ‍ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් දින 21ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු අතර අදාළ කාලසීමාව තුළ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බව සඳහන්ය.

මේ අතර අද (28) දිනයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img