Saturday, November 14, 2026
HomeNEWSLatest Newsපාඨලීගේ රියදුරුට වරෙන්තු

පාඨලීගේ රියදුරුට වරෙන්තු

පාඨලීගේ රියදුරුට වරෙන්තු

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අද (29) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වරෙන්තු නිකුත් කළේය.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ දෙවන විත්තිකරු ලෙස මොහු නම් කර සිටී.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරු පමණක් අධිකරණයේ පෙනී සිටියේය.

දෙවන විත්තිකාර දිලුම් තුසිත කුමාර අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කළේය.

ඊට අමතරව හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනා වෙත නව කොන්දේසි පැනවූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් තිදෙනාගේ විදෙස් ගමන් තහනම් කරන බව නියෝග කළේය.

විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවත් එසේ විදේශ ගමන් බලපත්‍ර නොමැති නම් ඒ බව තහවුරු කෙරෙන දිවුරුම් පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව නියෝග කර සිටි මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් වෙත අලුතින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

ඊට අමතරව සෑම මසකම පළමු වන සිකුරාදා කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ වාර්තා කළ යුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුවන් තිදෙනාට නියෝග කර සිටියේය.

අනතුරුව වැඩිදුර විමසීම ඔක්තෝම්බර් මස 12 වනදා තෙක් කල්තැබුණි.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක්  යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img