මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තවදුරටත් වසා තැබේ
ඉන්දියාවේ කොවිඩ් – 19 වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක් වූ ප්‍රාන්තය ලෙස මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ලබන 31 වෙනි දින දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.
වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ප්‍රාන්ත බළධාරීන් මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් ලබන 5 වනදා සිට හෝටල්, ආපන ශාලා සහ මත්පැන් අලෙවිසැල් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.
ඉන්දියාවේ අද (01) දිනය වන විට කොවිඩ් -19 රෝගීන් 6,312,584 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් ලක්ෂ 14 කට ආසන්න පිරිසක් වාර්තා වී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි.
ඉන්දියාවේ මේ වන විට කොවිඩ් මරණ 98,678 ක් සිදුව තිබේ.






















