Sunday, May 3, 2026
HomeNEWSLatest Newsකටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස්

කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස්

කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස්

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දෙවන පර්යන්තයේ ඉදිකිරිම් 2023 වසරට පෙර නිම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිළධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

ගුවන්සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ගුවන්තොටුපල කාර්යන් අඩපනව තිබීම ප්‍රයෝජනයට ගෙන දිවා රාත්‍රීයේ වැඩකර ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

2023 වසරට ගැලපෙන අයුරින් සියලු තාක්ෂණික පහසුකම් සහිතව සුහුරු ගුවන් පර්යන්තයක් ලෙස එය සංවර්ධනය කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජානාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් වසංගතයත් සමඟ අන්තර්ජාතික ගුවන් ගමන් අඩාලවිමෙන් ගුවන්තොටුපළ සහ ගුවන් සේවාවන්ට බලපා ඇති අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දෙවන පර්යන්තයේ ඉදිකිරීම් අවසන්විමත් සමග වසරකට ගුවන් මගීන් මිලියන 15කට අධික සංඛ්‍යාවකට සේවා සහ මෙහෙයුම් පහසුකම් සැපයිය හැකි වන අතර පිටවිමේ සහ පැමිණිමේ පර්යන්ත අංශ දෙකක් ලෙස ක්‍රියාත්මකවීම ද ඒ සමගම ආරම්භ කිරීමට නියමිතය.

මත්තල ගුවන්තොටුපළ ජනවාරි මාසයේ සිට මේ දක්වා ගුවන් මෙහෙයුම් 270ක් සිදුකර ඇති අතර ඉන් සේවාව ලැබූ මගීන් සංඛ්‍යාව 12,000කට අධික බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉදිරියේදී ශ්‍රි ලංකන් ගුවන් සේවය මත්තල ගුවන්තොටුපළේ සිට සතියකට ගුවන් වාර 07ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ගුවන් කාර්ය මණ්ඩලයට මත්තල ගුවන්තොටුපළ අවට සියලු පහසුකම් වලින් යුත් හෝටල් ස්ථාලනය කිරීම පිළිබඳව සාකච්ඡා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img