ආමි සමන්තගේ බිරිඳ අත්අඩංගුවට
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ආමි සමන්තගේ” බිරිඳ හෙරොයින් සමඟ දිවුලපිටිය, කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාරිය ඊසිකෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිට ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 540 ක් පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
මීට පෙර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකගෙන් ලබාගත් තොරතුරු මත සිදුකළ විමර්ශනයකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී රුපියල් ලක්ෂ 24ක් මුදලක් ද සොයාගෙන ඇත.






















