Saturday, November 14, 2026
HomeNEWSCOVID-19දිවුලපිටියේ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක PCR පරීක්ෂණ වාර්තා අද

දිවුලපිටියේ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක PCR පරීක්ෂණ වාර්තා අද

දිවුලපිටියේ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක PCR පරීක්ෂණ වාර්තා අද

දිවුලපිටියේ කාන්තාවකට සහ ඇගේ දියණියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීම තවදුරටත් ක්‍රියාත්මක වේ.

මේ අතර ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1400කට වැඩි පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ අද (05) සිදුකිරීමට නියමිතව ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අදාළ කාන්තාවගේ සැමියාගේ සහ පුතුන් දෙදෙනාගේ තවත් පී.සී.ආර් පරික්ෂණයක් ද අද සිදුකිරීමට නියමිතය.

දිවුලපිටිය හොරගස්මුල්ල බෝඹුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට සහ ඇගේ 16 හැවිරිදි දියණියට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනා ගැණුනි.

මෙම කාන්තාව සේවය කළ අදාළ කර්මාන්ත ශාලාවේ ඇයගේ ආශ්‍රිතයින් 400 ක් පමණ මේ වනවිට නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඇයගේ පවුලේ සමාජිකයින් 06 දෙනාගේ සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 150 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ ඊයේ සිදුකළ ඇති අතර, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා අද උදෑසන ලැබීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img