Saturday, November 14, 2026
HomeNEWSCOVID-19ආසාදිත දැරියගේ පන්තියේ සිසුවියන් සහ ගුරුවරු PCR පරීක්ෂාවට

ආසාදිත දැරියගේ පන්තියේ සිසුවියන් සහ ගුරුවරු PCR පරීක්ෂාවට

ආසාදිත දැරියගේ පන්තියේ සිසුවියන් සහ ගුරුවරු PCR පරීක්ෂාවට

ආසාදිත බවට හඳුනාගත් 16 හැවිරිදි දැරිය ඉගෙනුම ලැබූ පාසලේ 11 ශ්‍රේණියේ දරුවන්, සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් අද (05) පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කරන බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.යූ.සී. කුලතිලක මහතා සඳහන් කරයි.

මේ අතර, ඇය අධ්‍යාපනය ලැබූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලේ සිසු සිසුවියන් 1500කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ද ලක්කර තිබේ.

ඊයේ (04) දින රාත්‍රීය වන තෙක් එම දරුවන්ගේ නිරෝධායන කටයුතුවල මහජන පරීක්ෂකවරු නිරත වු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

විශේෂයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් එම දැනුවත් කිරීමේ කටයුතු සිදුකළ බවත් පැවසු ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, “ විදුහල්පතිවරයා විසින් සියලු දරුවන්ගේ පෞද්ගලික ලිපිනයන් ලබා දීලා තියෙනවා. අද දිනයේ දී අනෙකුත් සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල වෙත මේ තොරතුරු යවන්න කටයුතු කරනවා, දිවුලපිටිය ප්‍රදේශයට පිටින් එන දරුවන් නිරෝධායනය සඳහා. අද දිනයේ දී ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් ලෙස කටයුතු කළ සියලු දෙනාගේ පීසීආර් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා. ප්‍රධාන ගැටලුවක් ව පවතිනවා තව දුරටත් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයින් අතර නිවෙස්වලට ගිය කිහිප දෙනෙක් සිටිනවා. ඒ නිසා දිවයින පුරා සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන ඔවුන් සොයා ගෙන නිරෝධායන කටයුතු වෙත ඔවුන් යොමු කරමින් සිටිනවා.“ යනුවෙනි.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img