20ට එරෙහි පෙත්සම් සලකා බැලීම නිමයි
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ.
පෙත්සම් පිළිබඳ විභාගය අද (05) පෙරවරුවේ හතරවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත් විය.
අද දින විභාගය ආරම්භ වු අවස්ථාවේ දී නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහතික කිරීමට බැඳී සිටින බව සඳහන් කළේය.






















