බණ්ඩාරවෙල විශේෂ විමර්ශන ඒකකයේ SI අත්අඩංගුවට
බණ්ඩාරවෙල විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වැලිමඩ උසාවි සංකීර්ණයේ දී රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ලබා ගැනීමේ දීය.
මෙම උපපොලිස් පරීක්ෂකවරයා, පැමිණිලිකරුගෙන් වැලිමඩ උසාවියේ විභාග වන නඩුවක රජයේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කිරීමට හා පැමිණිලිකරු සම්බන්ධයෙන් කෑගල්ල උසාවියේ විභාග වන නඩුවකින් ඔහු නිදහස් කර දෙන බව පවසමින් ද එම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි වාර්තා වේ.






















