Saturday, November 14, 2026
HomeNEWSLatest Newsපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුයි - කථානායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුයි – කථානායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුයි – කථානායක

දිවයිනේ මේ වන විට නැවත උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අවධාරණය කර තිබේ.

ඒ මහතා මේ බව සඳහන් ක‍ළේ අද (06) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටියදී සෞඛ්‍ය බලධාරීන් විසින් දී ඇති උපදෙස් අනුව පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන තරයේ පිළිපදින ලෙසත්, එමෙන්ම, පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් කථානායකවරයා මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.

අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම, අදාළ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙයට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්ය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, සැපයුම්කරුවන් හා සේවා සපයන්නන්, ආරක්ෂක අංශ වලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුමදෙනා විසින් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුව කටයුතු කිරීමද අත්‍යවශ්‍ය වන බවද කථානායකවරයා නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img