හිටපු අගමැති පාස්කු කොමිසමට සාක්ෂි දී නිහඬව පිටව යයි
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම වෙත පැමිණ පැය එක හමාරක කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව, අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා, කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව ඉන් පිටව ගිය බව “අද දෙරණ“ වාර්තාකරු පැවසුවේ.
අද පෙරවරු 10.00ට පමණ හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසමට වෙත පැමිණියේය.
කොමිසමෙන් පිටව යන අවස්ථාවේදී හිටපු අග්‍රාමත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලටද, පිළිතුරු නොදීම ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීමට කොමිසම හමුවේ පෙනී සිටින පළමු අවස්ථාව මෙය වන අතර යළි ලබන 13 වනදා සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දන්වා තිබේ.






















