පිල්ලෙයාන් බන්ධනාගාරයේ සිට පාස්කු කොමිසමට ගෙන එයි
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට රැගෙනවිත් තිබේ.
“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ, සාක්ෂි ලබාදීම සඳහා බන්ධනාගාර නිලධාරින් විසින් අද (08) පෙරවරුවේ මොහුව කොමිසම වෙත රැගෙන ආ බවය.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ජනාධිපති කොමිසමෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව ඔහුගෙන් අද සාක්ෂි ලබාගැනීම සිදුකර ඇත්තේ මාධ්‍ය නොමැතිව රහසිගතව බව වාර්තා වේ.






















