Tuesday, September 8, 2026
HomeNEWSLatest Newsරිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහි පැමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන්...

රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහි පැමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහි පැමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 80 කින් යුත් ඉඩම් කොටස් දෙකක් නීතිවිරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිෆ්කාන් බදුර්දීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෑමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම් ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී එහි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳ විස්තර අධිකරණය හමුවේ සඳහන් කර සිටි නීතිඥ චන්ද්‍රසේන මහතා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් පෙබරවාරි මස නියෝගයක් නිකුත් කර තිබුණද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව සඳහන් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 22 වන දා කැඳවීමට නියම කළ බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img