Tuesday, September 8, 2026
HomeNEWSCOVID-19හලාවතින් හමුවූ කොවිඩ් ආසාදිතයා

හලාවතින් හමුවූ කොවිඩ් ආසාදිතයා

හලාවතින් හමුවූ කොවිඩ් ආසාදිතයා

කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයෙක් හලාවත – අඹකදවිල ගම්මානයෙන් අද (08) දහවල් හමු වී තිබේ.

හලාවත මහ රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය 06 වැනිදා මෙම පුද්ගලයා පැමිණ තිබේ.

එම අවස්ථාවේ සිදුකරන ලද PCR පරීක්ෂණයක ප්‍රතිඵල අද ලැබීමෙන් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

ඒ වනවිට නිවසේ රැඳි සිටි අදාළ ආසාදිත පුද්ගලයා ව වහාම ගිලන් රථයකින් හලාවත මහ රෝහලට ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර ඇත.

මෙම ආසාදිතයාගේ සමීපතමයින් සොයා සෞඛ්‍ය නිලධාරීන් අද දහවල් සිට අඹකදවිල සහ අවට ප්‍රදේශවල මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එම ආසාදිත පුද්ගලයා ප්‍රදේශයේ දේවස්ථානයක් සමග සම්බන්ධකම් පවත්වා ඇති අතර ඒ අනුව එම දේවාස්ථානයේ පියතුමන්ලා දෙදෙනෙකු ඇතුළු පවුල් 05 ක පිරිස් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර සිටී.

ආසාදිතයා ඇතුළු පිරිසක් පසුගිය සතියේ විනෝද චාරිකාවක් ගොස් ඇති බවත් එම අවස්ථාවට එක් වූ පිරිස සම්බන්ධයෙන්ද සෞඛ්‍ය නිලධාරීන් මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img