ඉන්දීය ඇමතිවරයෙක් මියයයි
ඉන්දීය පාළක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් වූ රාම් විලාස් පස්වාන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් තිබේ.
ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ගේ සමීපතමයෙක් ලෙස සැලකේ.
පස්වාන් ඉන්දීය රජයේ පාරිභෝගික කටයුතු, ආහාර සහ බෙදාහැරීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
74-හැවිරිදි අමාත්‍යවරයා සැප්තැම්බර් 11 වැනිදා රෝහල්ගත කර ඇති අතර ඔක්තෝබර් 4 වැනිදා හෘද සැත්කමකට භාජනය වී තිබේ.






















