Friday, September 4, 2026
HomeNEWSLatest Newsයැංග් ජියේචී මැතිතුමා ඇතුළු ඉහළ පෙළේ චීන දූත පිරිස අග්‍රාමාත්‍යතුමා හමුවෙති

යැංග් ජියේචී මැතිතුමා ඇතුළු ඉහළ පෙළේ චීන දූත පිරිස අග්‍රාමාත්‍යතුමා හමුවෙති

යැංග් ජියේචී මැතිතුමා ඇතුළු ඉහළ පෙළේ චීන දූත පිරිස අග්‍රාමාත්‍යතුමා හමුවෙති

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද 2020.10.09 දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමු වූහ.

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා – චීනසහයෝගිතාවය තවත් ශක්තිමත් කිරීම උදෙසා මෙම හමුව පැවැත්විණි. 

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා ඇතුළු දූත පිරිස, පිළිගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

“යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ගැන ඉතා සතුටුයි. මම හිතනවා ඔබ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉතා හොඳ සාකච්ඡාවකට එක්වන්නට ඇති කියා. අප සෑම විටම දෙරට අතර සමීප සහයෝගීතාවය ඉදිරියට පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වනවා”  යැයි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය, 

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සංචාරය තුළින් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට හා චීනයට හැකිවීම ගැන මම සතුටු වෙනවා.කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නොමසුරුව සහයෝගය දැක්වීම පිළිබඳව චීන රජයට මමකෘතඥතාව පළ කරනවා.

කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා පරිත්‍යාග කරන ලද ආරක්ෂක උපකරණ සහ වෛද්‍ය සැපයුම්වලට චීන රජයට ස්තූතිවන්ත විය යුතුයි.කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව රට තුළ ඇති වූ ආර්ථික බලපෑමෙන් ගොඩ ඒමට බොහෝ දේ කළ යුතුයි. 

අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කටයුතු කිරීමේදී ආයෝජකයින් අතර විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට චීන රජය අතර පවත්නාඅපගේ දිගුකාලීන මිත්‍රත්වය භාවිතා කිරීමට හැකි වනු ඇතැයි මා  බලාපොරොත්තු වෙනවා.

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරය බවත් අග්‍රාමාත්‍යතුමා පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන කිරීමට චීන සමාගම් දිරිමත් කිරීමට චීන රජයට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යතුමා, එය අපනයන ආදායමක් ඇති කිරීමට මෙන්ම ශ්‍රී ලාංකිකයින්ට, විශේෂයෙන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මේ තත්ත්වය හමුවේ, සංචාරක ක්ෂේත්‍රයට ගෝලීය වශයෙන් දැඩි ලෙස බලපෑම් ඇති වී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරකකර්මාන්තය නැවත ගොඩනැගීමට සහ ලොව පුරා සංචාරකයින් සඳහා ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් සැපයීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවද පැවසීය. 

මෙම ගෝලීය වසංගතය අවසන් කිරීමේ සටන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා වර්ධනය කිරීම ඇතුළු වසංගතයෙන් මතු වන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා සාමූහික විසඳුම් සෙවීමට චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රමාත්‍යතුමා ප්‍රකාශ කළේය. 

මෙහිදී හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi)මැතිතුමා ද අදහස් පළ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරන බව පැවසූ යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාමහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතිනුයේ ඵෙතිහාසිකදැඩි මිත්‍රත්වයක් බව පෙන්වා දුන්නේය.

දෙරට අතර එම මිත්‍රත්වයේ බැඳීම මේ දක්වා යාවත්කාලීන වෙමින් පවතින  බව සඳහන් කළ යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාකොවිඩ් -19 වසංගත තත්ත්වය පරාජය කිරීම වෙනුවෙන් රටවල් දෙකම එකට අත්වැල් බැද කටයුතු කරමින් සිටින බව සිහිපත් කළේය.

චීනය කොවිඩ්-19 පරාජය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලෝක සෞඛ්‍ය සංවිධානයට නොමදව ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව කොවිඩ්-19 තත්ත්වය ඉතා විශිෂ්ට අයුරින් පාලනය කර ඇති බවත් යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා පැවසීය.

දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේදී ලැබූ ජයග්‍රහණ චීනයට මෙන්ම ශ්‍රී ලංකාවටද ඇති බව පෙන්වා දුන් යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාසෑම විටම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන සමාගම්වලට අවශ්‍ය දිරිමත් කිරීම චීන රජය විසින් ඇති කර තිබෙන බවට විශ්වාසය පළ කළේය. 

යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා මෙසේ ද පැවසීය.

කොළඹ වරාය නගරය ඇතුළු අනෙකුත් ව්‍යාපෘතිවලට අදාළව සංවර්ධන ක්‍රියාදාමයට අපගේ දායකත්වය ශ්‍රී ලංකාවට දැනටමත් හිමිව තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය දෙරට අතර සබඳතාවට ඉතා වැදගත්. කොවිඩ්-19තත්ත්වය පාලනය වු වහාම එම සබඳතා නැවත අඛණ්ඩව පවතිනු ඇතැයි අප විශ්වාස කරනවා. චීනය ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනආනයනය කිරීම ඉහළ දමා තිබෙනවා.

අපගේ මෙම සංචාරය ඔස්සේ දෙරට අතර සබඳතාව තවත් පුළුල් වනු ඇතැයි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා හා චීන ජනාධිපති ෂී ජිං පිං මැතිතුමා එක්ව ද්විපාර්ශවීය සබඳතා තවත් වර්ධනය කිරීම ඔස්සේ ආර්ථික සහයෝගීතාව මත දෙරටේම සංවර්ධනකටයුතු තවත් පුළුල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. යැයි යැංග් ජියේචී මැතිතුමා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, චීනයේ ශ්‍රී ලංකා තානාපති  ආචාර්ය පාලිත කොහොන මහත්ම මහත්මීන් ඇතුළු චීන දූත පිරිස එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img