Friday, September 4, 2026
HomeNEWSLatest Newsරිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට...

රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අරලියගහ මන්දිරයේදී අද දින (2020.10.09) බාර දෙන ලදී. 

2019 අප්‍රේල් මස 21 වන දින සිදුවූ පාස්කු දින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට අනුබල දීමට සැකපිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් පසුගිය අප්‍රේල් මස 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබියදීත් සැප්තැම්බර් මස 30 වන දින උසාවියට ඉදිරිපත් නොකර කිසිඳු නීතිමය අවසරයකින් තොරව රියාජ් බදියුදීන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කොට ඇත. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ මෙම අත්තනෝමතික ක්‍රියාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා ත්‍රස්තවාදයට අනුබල දුන් රියාජ් බදියුදීන් යන අයව නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනෙකුට අධික කණ්ඩායමක් අතිගරු ජනාධිපති තුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img