ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දින පණිවිඩය
ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සහ පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ උත්සාහයන් බලමුලු ගැන්වීමේ අරමුණ ඇතිව සෑම වසරකම ඔක්තෝබර් 10 වන දින ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය සමරනු ලබයි.
රටවල් 150 කට වැඩි ගණනක සාමාජිකයින් සිටින ගෝලීය මානසික සෞඛ්‍ය සංවිධානයක් වන මානසික සෞඛ්‍ය සඳහා වූ ලෝක සම්මේලනයේ මූලිකත්වයෙන් 1992 වර්ෂයේදී ප්‍රථමවරට ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය සමරනු ලැබීය.
ලොව පුරා ජීවත්වන පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය රැකවරණය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ සියලුම පාර්ශ්වකරුවන් අතර කතිකාවන් නිර්මාණය කිරීමටත්, ඒ සඳහා පෙළ ගැසීමට වේදිකාවන් සැකසීමත් ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයේ අපේක්ෂිත මුඛ්‍ය අරමුණකි.
ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය මෙවර සැමරීමට සිදුව ඇත්තේ අපගේ දෛනික ජීවිතය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති අවස්ථාවක ය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය මාස කිහිපය පුරාමත්, වර්තමානයේත් අපට බොහොමයක් දුෂ්කරතාවයන්ට හා අභියෝගන්ට මුහුණ දෙන්නට සිදුව ඇත. ලොවක් වශයෙන් මුහුණ දී ඇති මෙවැනි තත්ත්වයක් හමුවේ අපසියලු දෙනා එක්ව දැඩි මානසික ඒකාග්රතාවයක් යටතේ එම අභියෝගයන් ජයගත යුතුව තිබේ.
සිය දරුවන්ගෙන් හා පවුලෙන් ඈත්ව, රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් සිය රාජකාරිය දේවකාරියෙන් සිදු කිරීමට දිවා රෑ වෙහෙසෙන සෞඛ්‍ය අංශයන්, ආරක්ෂක අංශත් අප මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුමය. වයස්ගත දෙමාපියන්, දූ දරුවන්, ජීවනෝපායන් තර්ජනයට ලක්ව ඇති පිරිස්, ආදරණීයයෙකුගේ අහිමි වීමේ ශෝකයබෙදා ගැනීමට අවස්ථාව අහිමි වූවන්, ඉදිරියේදී විභාග සඳහා මුහුණ දෙන දුවා දරුවන් මෙන්ම රෝගී ඔබ මෙම තත්ත්වය වඩා හොඳින් තේරුම් ගත යුතුය.
රටක් ලෙස පමණක් නොව ලොවක් වශයෙන් අප මුහුණ දී ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ යහපත් මානසික සෞඛ්‍යයකින් හෙබි පිරිසක් ලෙස අප එම අභියෝගයන් ජයගත යුතුව ඇත. අන් කවරදාටත් වඩා පුද්ගල මානසික සෞඛ්‍ය පිළිබඳව අප සිතිය යුතුව ඇත. අතීතයේ සිට අභියෝග ජයගත් ජාතියක් ලෙස ශ්‍රී ලංකා මාතාවගේ ශක්තිමත් පරපුරක් යන නාමය ලොව රන්දන්නට කටයුතු කිරීමට මෙවර ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයේ අපි සිතට ගනිමු!






















