Friday, September 4, 2026
HomeNEWSLatest Newsවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කෙරේ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කෙරේ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කෙරේ

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙරට තුළ මේ වන විට නව ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් පවතින රෝහල් පහසුකම් මෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීම සඳහා පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14 ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක් විය යුතු වේ.

මෙරට ආසාදිතයින් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

තවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 57,000 කට අධික පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img