Friday, September 4, 2026
HomeNEWSLatest Newsසුභාශිංසන පණිවිඩය

සුභාශිංසන පණිවිඩය

සුභාශිංසන පණිවිඩය

නිර්භීතභාවය, විනය සහ විශිෂ්ට කුසලතාවයන්ගෙන් පරිපූර්ණව රටේආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරනුලබන ජාතියේ ආරක්‍ෂකයා ලෙස රට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍රවන ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර 71 වන සංවත්සරයට සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් ආඩම්බරයකින් හා අභිමානයකිනි.

1949 ඔක්තෝබර් මස 10 වන දින පාර්ලිමේන්තු පනතක් මඟින් ආරම්භ වනලංකා යුද්ධ හමුදාව ශ්‍රී ලංකා යුධ හමුදාව බවට පත්වෙන්නේ 1972 වසරෙන්පසුව යි. එතැකින් ඇරඹි යුද්ධ හමුදාව ගෙවී ගිය වසර 71ක කාලයේ මාතෘභූමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය, ජනජීවිතවල සුරක්ෂිතභාවය සඳහා ජාතියේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉටු කළ හාඉටු කර‍න සේවාව අභිමානවත්ය.

දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවත්වීමේ නිදහස‍, සාමාජීය, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් සියල්ලට විශාල තර්ජන එල්ලක‍‍ළ බෙදුම්වාදී ත්‍රස්තවාදය තීරණාත්මකව පරාජය කිරීමේ නියමු බලවේගයලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කළ බව නොරහසකි.  එසේ සිය මාතෘභූමියේ ආරක්‍ෂාව උදෙසා දිවි හිමියෙන් සුවිශාල කැප කිරීම් සමුදායක්ඉටුකළ හා ඉටු කරන යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ගේ මෙහෙවරඅගය කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර එක් ධජයක සෙව‍ණ යටතට රැගෙනඒමේ සාමකාමී දේශයක් තුළ සහජීවනයේ මුල් පුරුක් බවට පත්වීමට යුද්ධහමුදා රණවිරුවන්ගේ අප්‍රතිහත‍ ධෛර්ය හා ශක්තියට හැකියාවක් ලැබිණි. ආත්ම විශ්වාසය පෙරදැරිව ශ්‍රී ලංකාව තුළ නව පුනරාගමනයක් සනිටුහන්කරමින් යුද්ධය ජයග්‍රහණය කිරීමටත්, රටට සාමය උදාකර දීමටත් කටයුතුකළ වීරෝධාර යුධ හමුදා රණවිරුවන්ට සාඩම්බර 71 වන සංවත්සරයසමරන අද දිනයේද ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුය.

ඔවුන් අප මෙසේ සැමරිය යුත්තේ ලොව දරුණුතම ත්‍රස්තවාදය මෙරටින්තුරන් කළ නිසාම පමණක් නොව, අසීරුවෙන් දිනා ගත් විජයග්‍රහණයඅඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ශ්‍රී ලංකාව ජාතියක් වශයෙන් මුහුණ දෙනඕනෑම ගැට‍ළුවකදී පෙරමුණ ගැනීමටත් ඔවුන් නොපැකිළිව ඉදිරිපත්වනනිසාය.

වර්තමානයේ ලොවක් වශයෙන් මුහුණ දී ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වයහමුවේ එය පාලනය කිරීමේ කාර්යයේ ඉදිරි පෙළ සොල්දාදුවන් ලෙසරාජකාරිය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ හදවතින් ඔවුන් කරන කාර්යය සුළුපටුනොවේ.

ඒකීය රාජ්‍යක් ලෙස ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට හා රටේසංවර්ධන කාර්යයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයට ලබා දෙන දායකත්වයසුවිශාලය. එකී දායකත්වය හමුවේ අප සියලු දෙනා ඇප කැප විය යුත්තේසමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් හෙට දිනයේ ගොඩ නැගීමයට. මන්ද, ජීවිත අත් පාඅහිමි කර ගනිමින් ආබාධිත තත්ත්වයට පත්ව සිටින, මව්බිම වෙනුවෙන්දිවිපිදූ සියලුම ර‍ණවිරුවන්ගේ නාමයට කළ හැකි උතුම්ම ගෞරවය හාඋපහාරය එය නිසාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img